පළමු ශිෂ්‍යත්ව උළෙල 1981 වර්ෂයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබීය. එහිදී ශිෂ්‍යයන් 422 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. 2016 වර්ෂය වන විට විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් 280,000 කට ආසන්න ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.
ශිෂ්‍යත්ව ප්‍රදානය වාර්ෂිකව පවත්වනු ලැබේ. ආරම්භයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර එය කොළඹ දී පවත්වන ලදී. අනෙකුත් දිස්ත්‍රික්ක වල සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අදාළ දිස්ත්‍රීක් ලේකම් කාර්යාල මගින් සංවිධානය කරන ලදී.
2012 වර්ෂයේ සිට ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව අදාළ විශ්ව විද්‍යාලවල පැවැත්වේ. කෙසේ වෙතත් මෙවර මහපොළ ශිෂ්‍යත්ව අරමුදල විසින් දිස්ත්‍රික් මට්ටමේ උත්සව, විශ්ව විද්‍යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ එක්ව පවත්වනු ලැබේ. 2017/18 අධ්‍යන වසර සඳහා එකී ශිෂ්‍යත්ව පිරිනැමීම නුදුරු අනාගතයේදී පැවැත්වීමට නියමිතය.
කුසලතා ශිෂ්‍යත්වලාභීන් සහ සාමාන්‍ය ශිෂ්‍යත්වලාභීන් සඳහා එක් අධ්‍යන වර්ෂයක් සඳහා වාරික 10 ක උපරිමයකට යටත්ව මාසිකව පිළිවෙළින් රු. 5,050 / - හා 5,000 / බැගින් නියමිත කාල සීමාවක් සඳහා ගෙවීම් කරනු ලැබේ. ශිෂ්‍යයින්ගේ බැංකු ගිණුම් වෙත වාරික කෙළින්ම බැර කරනු ලබන අතර ශිෂ්‍යයන් වෙත ඒ බව එස්.එම්.එස් පණිවිඩ මගින් දැනුම් දෙනු ලැබේ.
වාරික ගෙවීම් - 2018
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - යාපනය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - බදුල්ල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - අනුරාධපුර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - කෑගල්ල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - කුරුණෑගල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මට්ටක්කුලිය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මහනුවර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - ත්රීකුණාමලය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - නයිවල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - දෙහිවල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - ලබුදූව
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - සමන්තුරෙයි
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - අම්පාර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මන්නාරම
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - නාවලපිටිය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - රත්නපුර
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - තංගල්ල
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - මඩකලපුව
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය - වවුනියාව