සීමාසහිත නෙට් වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් (NWSL) ආයතනය, 2003 වර්ෂයේ ජුනි මස 23 වන දින සංස්ථාපිත කරන ලද සීමිත වගකීම් සහිත සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන පාලනයට යටත්ව ක්‍රියාත්ම වෙමින්, දේශීය භාණ්ඩාගාර ආඥාපනතට අනුව ප්‍රාථමික වෙළෙන්ඳෙකු ලෙස ලියාපදිංචි වී තොග සහ සුරැකුම්පත් ආඥාපනතට අනුකුලව ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලැබේ. නැෂනල් වෙල්ත් කෝපරේෂන් ආයතනය විසින් 2004 වර්ෂයේදී සිය අරමුදල් ආයෝජනය කරමින් සීමාසහිත නෙට් වෙල්ත් සෙකියුරිටීස් (NWSL) ආයතනය ස්ථාපිත කරන ලද අතර මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධන වටිනාකම රු.මි. 300 කි.