රු.මි. 200 ක ආයෝජනයක් සහිතව, මහපොළ අරමුදලේ පූර්ණ හිමිකාරීත්ව සමාගමක් ලෙස නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් (සංස්ථාපිත ආයතනය) 2003 මාර්තු 23 දින සංස්ථාපනය කරන ලදී. නැෂනල් වෙල්ත් කෝපරේෂන් ආයතනය යනු ආයෝජන කළමනාකරුවෙකු ලෙස, මහපොළ භාරකාර අරමුදලෙහි වත්කම් අඩු අවදානමක් සහිතව උපරිම ප්‍රතිලාභය ලඟා කරගැනීම සඳහා වූ අරමුණ ඇතිව කටයුතු කරනු ලබන ආයතනයකි. නැෂනල් වෙල්ත් කෝපරේෂන් ආයතනය මහපොළ භාරකාර අරමුදල සඳහා පහත දැක්වෙන සේවා සපයනු ලබයි.

  • ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ආයෝජන ක්‍රමෝපායන්
  • අවදානම ඇගයීම සහ අවම කිරීමේ උපාය මාර්ග
  • ආරක්ෂාව සහ ඉහළ ප්‍රතිලාභ ලබා දෙන මූල්‍යමය උපකරණ සඳහා ප්‍රවේශය