ද්විතියික හා උසස් අධ්‍යාපනය කරගෙනයාම සඳහා අවශ්‍ය මූල්‍යමය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි එහෙත් සුදුසුකම් ඇති තරුණ තරුණියන්හට ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් "මහපොළ" සංකල්පය අභාවප්‍රාප්ත ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා විසින් ආරම්භ කරන ලදී.

  • තරුණයින්ට තම නිපුණතා වැඩිදියුණු කිරීම හා ඒවා කළමනාකරණය කිරීමට සහාය වීම සඳහා වෘත්තීය පුහුණු ආයතන පිහිටුවීම
  • අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම උදෙසා පාසල් සහ ආයතන පිහිටුවීම සඳහා මූල්‍ය ආධාර ලබා දීම

එබැවින්, භාරකාර මණ්ඩලය, 2005 ජූලි මස 18 වැනි දින පවත්වන ලද 46 වැනි රැස්වීමේදී "පාසැල් සංවර්ධන අරමුදල" පිහිටුවීමට තීරණය කරන ලදී. භාරකාර මණ්ඩලය විසින් වෙළඳාම් කිරීමෙන් ලත් රු මිලියන 21.55 ක මුදලක් ආයෝජනය කර අත්තිඩියේ මහපොළ ඉඩම් සහ මහපොළ භාරකාර මණ්ඩලය විසින් රාජගිරියේ ඉඩමක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්තිකාරම් වශයෙන් ගෙවන ලද රු. මිලියන 93.725 ක මුදල පියවන ලදී. ඒ අතර පාසැල් සංවර්ධන අරමුදලේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 315 ක් දක්වා වැඩි කෙරින. පාසල් සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධනයෙන් ලැබෙන පොලී ආදායම් පමණක් භාවිතා කළ හැකිය.

මහපොළ අරමුදල ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අරමුණ කර ගනිමින් කටයුතු කරනු ලබන හෙයින් පාසැල් සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.