slit

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල 1981 වර්ෂයේදී (1981 අංක 66 දරන පනත) පාර්ලිමේන්තුවේ පනතක් මගින් සංස්ථාපිත ලද පුන්‍ය භාරයක් වේ.slit2 ද්විතියික අධ්‍යාපනය නගා සිටුවීම සඳහා උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම සහ සහාය වීම එහි අරමුණු වේ. භාරකාර මණ්ඩලයේ අනුමැතිය ඇතිව, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළඳ හා ආහාර අමාත්‍ය කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා 1998 දී ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය (SLIIT) පිහිටුවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාශය සමඟ එක්ව ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන ලදුව ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා දී ඇත.

ඒ අනුව, භාරකාර මණ්ඩලය විසින් ඊට අයත් මාලඹේ පිහිටි අක්කර 25 ක භූමි භාගයේ ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 500 ක ආරම්භක ප්‍රාග්ධන ආයෝජනයක් යොදවන ලදී.

අන්තර් පාලන පරිපාලන සැකසුමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ ඇප ආවරණ සමාගමක් ලෙස සංස්ථාපනය කරන ලද අතර පහත දැක්වෙන සාමාජිකයින් 1999 දී සංස්ථාගත කරන ලද ඇප ආවරණ සමාගමේ පළමු ඇප කරුවන් ලෙස නිල බලයෙන් පත් විය. ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය එහි කටයුතු 2000 වර්ෂයේදී, කොල්ලුපිටිය පිහිටි ලංකා බැංකුවට අයත් මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලෙහි සිට ක්‍රියාත්මක කරන ලද අතර එහි ආරම්භය වශයෙන් තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව සඳහා සිසු සිසුවියන් 400 ක් බඳවා ගන්නා ලදී. පසුව එය මාලඹේ පිහිටි වර්තමාන පරිශ්‍රය වෙතට මාරු කරනු ලැබීය.

නම තනතුර අමාත්‍යංශ / ආයතන සාමාජික / ඇපකරු
ඇන්ටන් ඇල්ෆ්රඩ් මහතා ලේකම් අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළඳ හා ආහාර අමාත්‍යාංශය හා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සාමාජික / ඇපකරු
මහාචාර්ය එස්. කරුණාරත්න මහතා උප කුලපති මොරටුව විශ්ව විද්‍යාලය සාමාජික / ඇපකරු
මහාචාර්ය එල්. එල්. රත්නායක මහතා ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය සාමාජික / ඇපකරු
තිලාන් විජේසිංහ මහතා සභාපති / අධ්‍යක්ෂ ආයෝජන මණ්ඩලය සාමාජික / ඇපකරු
ආර්. ඒ. පී. ගුණතිලක මහතා සභාපති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සාමාජික / ඇපකරු
ටී. පී. ජී. එන්. ලීලාරත්න මහතා උපදේශක අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළඳ හා ආහාර අමාත්‍යාංශය සාමාජික / ඇපකරු
ආචාර්ය ලලිත් ගමගේ අංශ ප්‍රධානි / CSC මොරටුව විශ්ව විද්‍යාලය සාමාජික / ඇපකරු
ආර්. තේනුවර මහතා ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළඳ හා ආහාර අමාත්‍යාංශය හා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සාමාජික / ඇපකරු

2003 මාර්තු මස 19 වැනි දින මහපොළ සේවා භාර අරමුදල (MTF) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමඟ කළමනාකරණ ගිවිසුමකට එළඹෙයි. ගිවිසුමේ නියමයන්ට අනුව, භූමියේ වටිනාකම හා එහි ගොඩනැගිලි හා අනෙකුත් සියලු සම්පත්,මහපොළ භාරකාර අරමුදල විසින් සපයා ඇති උපකරණ සහ තවත් ප්‍රාග්ධන සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් ජනනය කරන ලද ශුද්ධ ලාභය, මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල වෙත මාරු කළ යුතුය.

slit1ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය ආරම්භයේ සිටම සාර්ථක විය. දැන් එය උපාධි හා පශ්චාත් උපාධි යන දෙඅංශයෙන්ම අධ්‍යයන කටයුතු පවත්වනු ලබන අතර ලොව පුරා විවිධ ප්‍රදේශවල සිටින ජාත්‍යන්තර සිසුන් ඇතුළුව 9000 කට අධික සිසුන් ප්‍රමාණයක් ඇතුළත් වී ඇත.

උපාධි හා පශ්චාත් උපාධි යන දෙ අංශයම වෙනුවෙන් පහත සඳහන් විෂයයන් සඳහා අධ්‍යන කටයුතු පවත්වනු ලැබේ.

  • පරිගණක
  • ඉංජිනේරු
  • ව්‍යාපාර අධ්‍යනය
  • මානව ශාස්ත්‍ර සහ විද්‍යාව