සංවර්ධන ලොතරැයි මණ්ඩලය 1983 දී පිහිටුවන ලදී. මෙම මණ්ඩලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මුදල් ලබා ගැනීම සඳහා සහාය වීමයි. ඉන්පසුව, 1993 දී සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය භාරයක් බවට පත් කර "සංවර්ධන ලොතරැයි භාරය" ලෙස ක්‍රියාත්මක විය. 1997 අගෝස්තු මස 12 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩල 1997 අංක 22 දරන පනත මගින් සංවර්ධන ලොතරැයි භාරය "සංවර්ධන ලොතරැයි මණ්ඩලය" බවට පරිවර්තනය කරන ලදි.

මහපොළ භාර අරමුදල රු. මිලියන 2.2 ක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සඳහා ආයෝජනය කරන ලදී. මහෙපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදෙල් සභාපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු අදාල මණ්ඩලයට ඇතුළත්වේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනනය කරන ලද ආදායම ජනාධිපතිවරයාගේ අරමුදලට ඍජුවම බැර කරනු ලබන අතර, අනතුරුව 50% ක ලාභයක්, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කෙරෙනු ලැබේ.

වර්ෂය 2012 2013 2014 2015 2016 2017 2018
මහපොළ භාරකාර අරමුදලට පැවරූ මුදල (රු.Mn) 734 896 898 736 767 25 804
සංවර්ධන ලොතරැයි මණ්ඩලය
නො. 356, වෛද්‍ය කොල්වින් ආර්. ඩී. සිල්වා මාවත,
කොළඹ 02.
දු.ක : +94 114 824 824
ඊ-තැපෑල : info[at]dlb.lk