ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කාණ්ඩ දෙකක් යටතේ සිදු කරනු ලබයි. එනම් කුසලතා ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය ශිෂ්‍යත්ව යනුවෙනි.

  • කුසලතා ශිෂ්‍යත්ව
    • අ. පො. ස (උ. පෙ) විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට කුසලතා ශිස්‍යත්ව පිරිනමනු ලැබේ. මුළු ශිෂ්‍යත්ව ප්‍රමාණයෙන් 10% ක්ම මෙම කාණ්ඩය යටතේ පිරිනමනු ලැබේ.
  • සාමාන්‍ය ශිෂ්‍යත්ව
    • අ. පො. ස ( උ. පෙ ) විභාගයේදී දක්වන දක්ෂතා සහ පවුලේ ආදායම පදනම් කරගනිමින් සාමාන්‍ය ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. මුළු ශිෂ්‍යත්ව සංඛ්‍යාවන් ශිෂ්යත්ව 90% ක්ම එම ඛාණ්ඩය යටතේ පිරිනමනු ලැබේ.

මහපොළ ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් නිර්ණායකp

  • පහත සඳහන් සුදුසුකම් සපුරාලන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශිෂ්‍යත්ව ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
  • ශිෂ්‍යයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  • විශ්ව විද්‍යාලයක හෝ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ ආයතනයක පූර්ණ කාලීනව අධ්‍යයන පාඨමාලාවක් සඳහා ඔහු / ඇය අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි විය යුතුය.
  • දෙමව්පිය ආදායම් සීමාව
    • 2017/2018 අධ්‍යයන වර්ෂයේ සිට ඉදිරියට දෙමාපියන්ගේ ආදායම වසරකට රුපියල් 500,000 / - කට සමාන හෝ ඊට අඩු විය යුතුය.
    • 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් සඳහා සහ මින් ඉදිරියට ලියාපදිංචි වන සිසුන් සඳහා ඉහත ආදායම් සීමාව ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මෙම චක්‍රලේඛය බලාත්මක වන දිනට මූල්‍ය ආධාර නොලැබූ සිසුන්ට සංශෝධිත සීමාව තුළ ඔවුන්ගේ දෙමාපියන්ගේ ආදායම අයත් වන්නේ නම් මහපොළට අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
  • ශිෂ්‍යත්ව සඳහා ශිෂ්‍යයින් තෝරාගැනීමේදී, සිසුන්ගේ දෙමව්පියන් වෙන්වී සිටියහොත් එය ඔප්පු කිරීම සඳහා සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි, සාක්ෂි නොමැතිනම් හෝ වෙන්වීමක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර නොමැති නම්, අදාල කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී සහ අදාළ පොලිස් ස්ථානයෙන් වාර්තා ලැබුණු පසු ආදායම් සීමාව තීරණය කිරීම සම්බන්ධයෙන් තීරණය ගත යුතුය.
  • ශිෂ්‍යයා රැකියාවක නියුතු නම් ඔහු තම රැකියාවෙන් ලබාගන්නා ආදායම දෙමාපියන්ගේ ආදායමට එකතු කළ යුතුය.
  • ශිෂ්‍යයා විවාහක සහ රැකියාවක නියුතු නම්, ශිෂ්‍යයා සහ කලත්‍රයා වෙනම පවුලක් ලෙස සැලකිය යුතු අතර, ඉහත සඳහන් කර ඇති නීති සහ රෙගුලාසිවලට අනුව මහපොළ සඳහා ඔහුගේ / ඇයගේ සුදුසුකම් තීරණය කරනු ලැබේ (දෙමාපියන් ආදායම් සීමාව).